අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට වෙඩි ප්‍රහාරයක්

39ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතිබවට වාර්තා වේ.

අදාළ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා නිවසේ සිට ඇති බව සඳහන්වේ.කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පොලිස් නිල නිවසේ බිත්ති මත වෙඩි ප්‍රහාර හතරක් එල්ල වු බවට සලකුණු පවතින බව පොලීසිය පවසයි.මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Did you like this? Share it:
This entry was posted in Uncategorized. Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>